search
logo De Mazenod
College
Home > News & Events > Teen cool Tennis All Island Inter School Kids Play Day 2024 - (Super series)
12 Dec
Teen cool Tennis All Island Inter School Kids Play Day 2024 - (Super series)

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය විසින් සංවිධානය කරනු ලබන Teen cool Tennis All Island Inter School Kids Play Day 2024 Super series අද දින ශ්‍රී ලංකා ටෙනිස් සංගම් ක්‍රීඩා පිටිවලදි පැවැත්විණි. එහිදි අප විදුහලේ Red Ball කණ්ඩායම *Division A මට්ටම තරග කළ අතර එහිදි සමස්ත ලංකා කණ්ඩායම් 04 තේරී පත් වී මෙම තරගවලියට සුදුසුකම් ලැබිය. ඒහිදි අප විදුහල් Red Ball කණ්ඩායම එම තරගවලියේ සමස්ත ලංකා A මට්ටම යටතේ එහි ශුරතාවය දිනා ගැනිමට සමත් විය. මෙය වසර 15 ආසන්න කාලයකට පසුව Red Ball කණ්ඩායමක් ලබා ගත් ඉහළම දක්ෂතාවක් විම පාසලක් ලෙස අප ලැබු විශාල ජයග්‍රහණයකි. එසේම වසර ගණාවක් තිස්සේ red ball තරග රටාවේ ජයග්‍රහී රැල්ල පවත්වාගෙන ගිය ප්‍රබල ආනන්ද විදුහලද අවසන් මහා තරගයේදි පරාජයට පත් කරන ලදි. සමස්ත පාසල වෙනුවෙන් මේ මොහොතේ මා ප්‍රධාන වශයෙන් අපේ විදුහල් කණ්ඩායමේ ක්‍රීඩකයින්ටත් ඔවුන්ගේ දෙමාව්පියන්ටත්, අප කණ්ඩායම පුහුණුවිම් කළ මනතුංග පුහුණුකරතුමාටත්, අප පාසල් පරිපාලනයට හා නන් අයුරින් සහය දැක්වු සියලුම දෙනාටත් ගෞරවය හා ස්තුතිය පුද කර සිටි. ස්තුතියි... රුවින් සර්

Announcements